මහාවංසයෙන් එහා - 02 - මහාවංසය ප්‍රෞඩ ජාතිය නීච ජාතියක් බවට පත් කරයි

 


මහාවංසයේ කරුණු අනුව සුප්පා දේවි මනුෂ්‍ය දුවකි. සිංහයා තිරිසන් සත්වයෙකි. කාමාධික තරුණියක් තිරිසන් සත්ත්වයෙකු සමග එක් වී දරුවන් දෙදෙනෙකු බිහි කරයි. මේ දෙදෙනා සිංහ බාහු සහ සිංහ සීවලී ය. මහානාම හිමියන්ට අනුව මෙය මෙසේ සිදු වූවත් ජීවවිද්‍යාත්මක ව මෙය කෙසේවත් සිදුවිය නොහැක්කකි. මන්ද මනුෂ්‍යයෙක් සහ තිරිසන් සත්ත්වයෙක් එක්වීමෙන් දරුවන් බිහි නොවන බැවිනි.


එසේ නම් සිංහයා නමින් හඳුන්වන්නේ ද මනුෂ්‍යයෙක් යැයි නැවතත් තර්කයක් ගොඩනැගිය හැකි ය. සිංහයා යනුවෙන් හඳුන්වන්නේ මනුෂ්‍යයෙක් යැයි පැහැදිලි සිතින් අපට ද සිතිය හැකි ය. නමුත් ගැටලුව වන්නේ මහානාම හිමියන් දිගින් දිගට ම සිංහයා තිරිසන් සත්වයෙකු හැටියට ඒත්තු ගැන්වීමට උත්සාහ කොට ඇත. මහාවංසයේ සඳහන් වන්නේ නැට්ට වන වන ආපු සිංහයෙකු සමග සුප්පා දේවි ගිය ලෙසයි.


සිංහයා තිරිසනෙකු වුව ද මනුෂ්‍යයෙකු වුව ද මහාවංසයේ මේ කරුණු දැක්වීම අනුව සිද්ධ වී ඇත්තේ සිංහල ජාතිය නීච ජාතියක් බවට පත්කිරීම නොවේ ද?


මෙයින් ප්‍රෞඩ ජාතියක් නීච ජාතියක් බවට පත්කර ඇති බව සිතිය නොහැකි ද?


මීළඟට - මහාවංසය ප්‍රෞඩ ජාතිය පාපී ජාතියක් බවට පත්කරයි

ඩී චානක පීරිස්

Post a Comment

0 Comments