මහාවංසයෙන් එහා-01 - මහාවංසය ප්‍රෞඩ ජාතිය තිරිසන් සතෙකුට උරුමකම් කියන ජාතියක් බවට පත් කරයි



මහාවංසයට අනුව සිංහලයා පැවත එන්නේ සිංහයෙකුගෙනි. මන්ද විජයගේ සීයා සිංහයෙකු බැවිනි. මෙයින් කියවෙනුයේ සිංහලයා යනු තිරිසන් සතෙකුට උරුමකම් කියන ජාතියක් කියා නොවේ දැ යි විමසිය යුතු කාලය දැන් එළඹ ඇත. මේ අවනඩුවෙන් ගැලවීමට පසුකාලීන ව ඇතැමුන් යොදන උපාය නම් මහාවංසයේ සිංහයා තිරිසනෙකු නොව සිංහ ගෝත්‍රික මනුෂ්‍යයෙකු ලෙස හැඳින්වීමයි.


ඒ සිංහ ගෝත්‍රික මණුෂ්‍යයෙක් නම් මහානාම හිමි පුනපුනා සිංහයෙක්, තිරිසන් සත්ත්වයෙක් ලෙස හැඳින්වූයේ ඇයි?


වැඩිවියට පත් සිංහබාහු දකින්නේ මව ගේ හා පියා ගේ ශාරීරික වෙනස්කම් ය. මේ දෙදෙනා ම මනුෂ්‍යයන් නම් ස්ත්‍රියක ගේ හා පුරුෂයකු ගේ ඇති වෙනස්කම හැරුණුකොට වෙන වෙනස්කමක් සිංහබාහු නොදකිනු ඇත. මහාවංසයේ කරුණු අනුව මව හා නැගණිය කරතබාගෙන පියාගෙන් ඈතට පළායෑමට තරම් සිංහබාහු දැකපු වෙනස මනුෂ්‍යයින් දෙදෙනෙකු ගේ වෙනස විය නො හැක.


එසේ නම් සිංහයා මනුෂ්‍ය නො වන තිරිසනෙකු විය යුතු ය.


    මේ ආකාරයට මහාවංසය පළමු ව සිංහල ජාතිය තිරිසනෙකුට උරුමකම් කියන ජාතියක් බවට

පත් කොට ඇත.



මීළඟට - හාවංසය ප්‍රෞඩ ජාතිය නීච ජාතියක් බවට පත් කරයි

ඩී චානක පීරිස් 

Post a Comment

0 Comments