ජීවය පහළ වීම 03 - "මනුස්ස" බිහි වීම

  "මනුස්ස" බිහි වීම


සෑම වේලකට ම ගොස් ඇල් සහල් ගෙන ඒමට අලස වූ එකකු තුළ එකවර එකවර වේල් දෙකකට ඇල් සහල් ගෙනවිත් පරිභෝජනය කිරීමේ අදහස් පහළ විය. මෙය දුටු සෙස්සෝ දින දෙකකට, දින හතරකට ආදී වශයෙන්ඇල් සහල් මැනගෙන උස්සගෙන අවුත් තමාගේ කියා ගබඩා කොට පරිභෝජනයට ගත්තෝ ය. මේ නිසා ඇල් සහල් වටා කුඩු ද දහයියා ද මතු විය. එසේ ම ඇල් සහල් කපාගත් තැනින් පෙර දා මෙන නැවත ඇල් සහල් හටගැනීම අඩු විය. එක තැනකට රැස් වූ සියලු ම ජීවීහු තමන් මේ ලෝකෙට පැමිණි දා සිට සිදු වූ සියල්ල පිළිබඳ ව කථිකා කරන්නට පරන් ගත් හ. තම තමන්ගෙන් සිදු වූ ළාමක ක්‍රියා නිසා රස පොළොව, භූමි පප්පටක, බදා ලතා අතුරුදන් වූ අයුරු මෙනෙහි කළෝ ය. එසේ ම ස්වයංජාත ඇල් සහල් ද, මෙතෙක් පොදුවේ පරිහරණය කළ භූමිය ද මැනගෙන තමතමන් ගේ කොටස කියා වෙන්කර ගත් හ.  මෙසේ පොදුවේ පරිහරණය කරපු දේවල් මැන ගෙන තමා ගේ කියාඋස්සගත් නිසා මේ සත්වයන් මනුස්ස (මැන + උස්ස =  මනුස්ස) ලෙස හැඳින්විණි. 

***************************************
පසු වදන

ධ්‍යාන ගත ව උසස් මනසකින් යුක්ත ව සිටි බ්‍රහ්ම කල්පික ජීවීන් මනුස්ස උනේ උසස් මනසකින් යුක්ත වූ නිසා නොව කෙලෙස් සිතිවලින් යුක්ත ව පොදු පරිහරණය පිණිස තිබූ දේ අනයයන්ගේ පරිහරණයට නො තබා තමා ගේ කරගනිමින් සිදුකළ ආත්මාර්ථකාමී ක්‍රියා නිසා ය

ආභස්සර ලෝක ධාතුවේ බ්‍රහ්ම කල්පික ජීවීන් පෘථිවි තලයට පැමිණියාට පසු ව  සිදු වූයේ ක්‍රමයෙන් මනස පහත් තත්ත්වයට පත්වීමයි. ඒකට හේතු වන්නේ කෙලෙස්. මනුස්සය කියන්නේ මනස උසස් කියන එක වශයෙන් තමයි අද සමාජයෙඅ ප්‍රචලිත මතය.මනස උසස් අය මනුස්ස නම්  නම් මනුස්ස නම භාවිත කළ යුත්තේ දිව්‍ය බ්‍රහ්මාදි මේ ලෝක  තලයෙන් ඉහළ සිටින උසස් මනසකින් යුත් ජීවී කොට්ඨාසයන්ට යි.

Post a Comment

0 Comments