මහාවංසයෙන් එහා - 04 -මහාවංසය ප්‍රෞඩ ජාතිය අසම්මත ජාතියක් බවට පත්කරයි


 

තිරිසනෙකුත් මනුෂ්‍ය දුවකුත් එකතුවීමෙන් බිහිවුණු අපූර්ව ජීවියා, සිංහබාහු, පීතෲඝාත්කයෙකු කිරීමෙන් අනතුරු ව මේ අපූරු කථාව ඉදිරියට ගලා යාමට සැලැස්වීමට මහාවංස කතුවරයා යෙදූ උපක්‍රමය නම් සිංහබාහු ගේ පරම්පරාවක් බිහි කිරීමයි.


   මේ සඳහා ගොදුරු වුණේ සිංහබාහු ගේ එක් කුස උපන් නැගනිය වන සිංහසීවලී ය. සිංහබාහු ගේ පරම්පරාව බිහිකිරීම සඳහා මහාවංස කතුවරයා විසින් සිංහබාහුට සිංහසීවලී සරණපාවා දෙනු ලැබී ය. මෙමගින් සමාජ අසම්මත දෙයක් සමාජගත කරවී ය. මිනිස් පුළුටක් හෝ නොමැති කැලෑවක නො ව රජ මැදුරක සිටි සිංහබාහු ගේ බිසව වීමට සිංහසීවලී හැර වෙනත් සුදුසු තරුණියක් මුළු වගු රටේ ම නොසිටියේ කාගේ උවමනාවට ද කියා සියුම් ව සිතිය යුතු කරුණකි. මේ ආකාරයට සමාජ අසම්මත සිදුවීමක් නිර්මාණය කරමින් මහාවංසය ප්‍රෞඩ ජාතිය අසම්මත ජාතියක් බවට පත්කොට ඇත.


මීළඟට - හාවංසය ප්‍රෞඩ ජාතිය දාමරික ජාතියක් බවට පත් කරයි

ඩී චානක පීරිස්

Post a Comment

0 Comments