පෘථිවි තලය මත පහළ වූ මුල් ම ජීවියා ඒක සෛලික ජලජ ජීවියෙක් ද?


 අප මෙතෙක් සාකච්ඡා කළේ බුද්ධ දේශනාවට අනුව ජීවය පහළ වීම සහ එහි විකාශය යි . දැන් මේ සම්බන්ධ ව බටහිර මත වාද පිළිබඳව සාකච්ඡා කරමු. 


බුදුන් වහන්සේ යමක් දේශනා කරන්නේ උන් වහන්සේ ගේ සර්වඥතා ඥානය එහෙමත් නැත්නම් සියල්ල ඇති සැටියෙන් දැකිය හැකි ඥානය ආධාර කර ගෙන. බටහිර විද්‍යාඥයින් යමක් ප්‍රකාශ කරන්නේ පර්යේෂණාත්මක ව සිදුකරනු ලබන නිරීක්ෂණවලින් මතු කරගන්නා නිගමනවලට අනුව ය . මෙතැන දි පරික්ෂණය හෝ නිරීක්ෂණය වැරදුනොත් නිගමනයත්  වරදිනවා.

ඒක සෛලික ජීවියා
බටහිර මතවාදය අනුව මේ පෘථිවි තලය මත ප්‍රථමයෙන් පහළ වූයේ ඒක සෛලික ක්ෂුද්‍ර ජීවින් සහ ජලජ ජීවීන්. මොවුන් මේ නිගමනයට පැමිණෙන්නේ පොසිල පරීක්ෂාවෙන්. ජීවීන් සම්බන්ධ ව මේ විද්‍යාඥයින්ට ලැබිලා  තියෙන පැරණි ම පොසිල මේ ක්ෂුද්‍ර ජීවින් සහ ජලජ ජීවීන්ගේ පොසිල යි. ඒ අනුව ඔවුන් නිගමනය කරනවා පෘථිවි තලය මත පහළ වූ පැරණිතම ජීවියා ඒක සෛලික ජලජ  ජීවියෙකු ලෙස. නමුත් මෙතන විද්‍යාත්මක උපකරණවලට හසු නොවන එක්තරා ලෝක ධර්මතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වසර කෝටි 100කට වරක් මේ මිහිතලය මත සිදු වන මහද්විප- සාගර පරිවර්තනය යි. එනම් පවතින මහද්වීපයක් මුහුදට ගිලා බැසීමත් ඒ වෙනුවට මුහුදු පත්ලේ තිබුණු වෙනත් මහද්වීපයක් උඩට මතුවීමත් කියන ක්‍රියාවලිය. මෙසේ මහද්වීපයක් මතු වීමේ දී ඒ මත සිටින්නේ මුහුදු ජීවීන් ම පමණයි. එමනිසා එම මහද්වීපයෙන් හමු වන පැරණි ම පොසිලය මුහුදු ජීවියෙකු ගේ පොසිලයක්.  මේ ක්‍රියාවලිය නිසා කිසි ම විද්‍යාඥයකුට වසර කෝටි 600 කට වඩා පැරණි පොසිල මේ මිහිතලයෙන් සොයාගැනීමේ හැකියාවක් නොමැති වෙනවා. පෘථිවි තලය කැණීම් කර ලබාගන්නා පොසිල පරීක්ෂාවෙන් විද්‍යාඥයින් තීරණය කරනවා ජලයේ ජීවත් වූ ජීවීන්  පසුකලෙක ගොඩබිමට විත් ඉන් පසු ගොඩබිම ජීවීන් ක්‍රමානුකූල ව පහළ වන බව හෙවත් පරිණාමය වන බව.  මේ අනුව වර්තමාන ලෝකයේ සිටින මිනිසා ඇතුළු අනෙකුත් ජිවින්ගේ ආදිම මුතුන් මිත්තන් ඒකසෛලික ජලජ ජීවීන් හැටියටයි බටහිර විද්‍යාඥයින් හඳුන්වන්නේ. එහෙත් එය ඇත්ත ඇතිසැටියෙන් දැකීමක් නොවෙයි.

Post a Comment

0 Comments