ජීවය පහළ වීම 04 - මහා සම්මත රාජ පරම්පරාවේ ආරම්භය

  මහා සම්මත රාජ පරම්පරාවේ ආරම්භය 

ඇල් සහල් ගොඩ ගසමින් පරිභෝජනය කරමින් සිටින අතර තුර අයෙක් තමා ගේ කොටස තිබිය දී අනුන්ගේ කොටස්  සොරාගෙන පරිභෝජනය කළහ. ඔහු ව අල්ලා ගත් අනෙක් අය පලමු වර,දෙ වන වර, තෙ වන වර ද ඔහු කළ වරද පහදා දී වරදෙන් මුදවන්න අවවාද කළත් ඔහු එම වරද දිගට ම කළේ ය. මෙයට පිළියම් වශයෙන් සියල්ලෝ ම රැස්වී මේ ආකාරයට වැරදි  කරන අය සොයා ඔවුන්ට සුදුසු දඬුවම් නියම කිරීමට එක් නායකයකු තෝර ගත්හ. මේ කාර්‍යය ඉටු කිරීම වෙනුවෙන් දිනපතා ඔහු ගේ පරිභෝජනය පිණිස ඇල් හාල් ලබාදීමට ද තීරණය විය. සියලු දෙනා ගේ ම සම්මතයෙන් තෝරාගැනුණු බැවින් මහා සම්මත යන නාමය පට බැඳුණි. මේ ආකාරයට ලොව පළමු නම් වහර ඇති විය. 

ලෝභ, ද්වේෂ, මෝහ ගති ඉස්මතු වී පිරිහීමට පත් වූ නිසා පොදුවේ භුක්ති විඳි ඉඩකඩම් කොටු කර පෞද්ගලික පරිහරණයට සරි කරගැනීම සදහා මහා සම්මත  පාලකයා ලවා අනපනත් සම්මත කරවාගත්හ. පොදුවේ භුක්ති විඳීමට තිබුණු මහපොළොව මැන සකස් කොට දීම නිසා ඔහු මහා සම්මත මනු ලෙස ප්‍රචලිත විය. මේ ආකාරයට මහා සම්මත පරපුරේ මුල් ම පාලකයා මනු ය.

තමන් ගේ නායකයා රජ ලෙස සැලකීම ආරම්භ වූයේ මින් පසුව ය. රජ යන්නෙහි අර්ථය ජනතාව ගේ සතුට, සැපත වෙනුවෙන් කටයුතු කරන්නා යන්නයි. 

___________________________________________________
මූලාශ්‍රය
අග්ගඤ්ඤ සූත්‍රය. දීඝ නිකාය -3. සූත්‍ර පිටකය


Post a Comment

0 Comments