නිවන් මග

 




ඔන්න මලේ ඔය නාමල නෙලා    වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා  වරෙන් 
කැලණි ගඟේ ඔරු යනවා බලා     වරෙන් 
සාධු කාර දී ඔරුවක නැගී             වරෙන් 

උපමා 
මල - රාග, ද්වේශ,මෝහාදී කෙලෙස්
මලේ - එවන් කෙලෙස් ඇති තැනැත්තා
නාමල - නිකෙලෙස් බව
අත්ත - සංසාරය
කැලණි ගඟ - සම්බුද්ධ ශාසනය
ඔරුව - සද්ධර්මය

අරුත 

රාග,ද්වේශ,මෝහාදී නිවනට බාධා කරන කෙලෙස් සහිත වූවනි, මේ සංසාර ගමන හරි ම අවධානම්; භයංකරයි. මේ ගමන මනා සිහියෙන් යුක්ත ව යා යුතු ය. සංසාර ගමනේ දී කොයි මොහොතේ සතර අපායට වැටී දුක් විඳීමට සිදුවේ දැ යි  කිසිවෙකුට කිව නො හැක. එමනිසා මේ අවදානම් ගමනින් මිදීමට වහවහා නිවන් මගට ප්‍රවිෂ්ඨ වන්න. මේ ගමනට ඔබට උදව්කිරීමට කල්‍යාන මිත්‍රත්වයක් ඇත. ඒ සම්බුද්ධ ශාසනය යි. මේ ශාසනය තුළ දී සද්ධර්මය ඔබට හමුවනු ඇත. මේ සද්ධර්මය ඔබට සංසාර ගඟෙන් එතෙර වීමට ඔරුවක් වනු ඇත. මේ ගමන යෑමට සද්ධර්මය අවබෝධ කරගන්න. නාමලක් සේ නිකෙලෙස් වී, සාධු චර්යාධර්මයෙන් යුක්ත ව, දස අකුසලෙන් තොර වී පැමිණෙන්න.  

                                                                            -ඩී.චානක පීරිස්   

Post a Comment

0 Comments