බුදුන් වහන්සේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඉහළින් ම අගය කළ සේක. එක් අවස්ථාවක දී ආනන්ද හිමියන් බුදුන් වහන්සේ ගෙන් විමසනවා බුද්ධා සාසනයෙන් අඩක් ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා නිසා නේද කියලා. එවිට බුදුන් වහන්සේ දේශනා කරනවා එසේ නොකියන්න ආනන්දය අඩක් නො ව සම්පූර්ණයෙන් ම සාසනය පවතින්නේ කල්‍යාණ මිත්‍රයා නිසා. මේ සමුද්ධ සාසනය කියන්නේ ම කල්‍යාණ මිත්‍රයෙක් කියා.
මහනුවර යුගයේ විසූ ලෝකුරු නයිදේ නැමැති ජන කවියා රචිත කවියක සිවු වන පදය වර්තමානයේ කවුරුත් අසා ඇති පාඨයක් වී ඇත.
පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවතියේ
එසම්පත් ඇති කලත් යනවා මරුව සමගින් උරුදියේ
වසන් ඇති කල කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ
උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ අරුත
බුදුන් වහන්සේ බුදු වීම නිසා සාසනය නැමැති කල්‍යාණ මිත්‍රයා පහළ වී එවැනි සම්පතක් ඇති කාලෙක වුවත් ලෝක සත්ත්වයා උරුවට වැඩකර සතර අපායේ උපදින්න කටයුතු කරගනියි. ලෝක සත්ත්වයා උපන් දා සිට කරපු පවු යටපත් කොට වසන් වී තිබෙන පිං පාදා මේ සංසාර ගමන කෙලවර කරගන්න එක් වරක් හෝ මේ කල්‍යාණ මිත්‍රයා ඇසුරු කිරීමෙන් හැකි වෙයි.
එදා ලෝකුරු නයිදේ ගේ සිතේ හටගත් මේ දහම් පණිවිඩය වැරදියට වටහාගත් වත්මන් අය මෙහි සිවු වන පදය පමණක් අසා තමන් කරපු පව් නැති කරගන්න කියලා එක් වරක් නො ව හැකි සෑම විට ම ඓතිහාසික කැලණි විහාරය වඳින්න යනවා.
බුද්ධ පාදස්පර්ශයෙන් පිවිතුරු වුණ කැලණි පින් බිමට ගොස් වන්දනාමාන කිරීම උතුම් දෙයක්. ඒ වුනත් ඔය ආකාරයට වන්දනාමාන කරමින් තමන් ගේ පව් නැති කරගැනීමේ ක්‍රමයක් බුද්ධ දර්ශනය තුළ නැහැ.
බුද්ධ දේශනයට අනුව තමන් කළ පව් නැති කිරීම නො ව තාවකාලික ව යටපත් කල හැකි ය. ඒ වැඩි වැඩියෙන් කුසල් රැස් කිරීමෙන්.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා............
සියලු පව් නොඉපදවීමට තම චිත්ත දමනයෙන් යුක්ත ව කුසල් පූර්ණය කරන්න මෙය සියලු ම බුදුවරුන් ගේ අනුශාසනාව යි.
මෙසේ කුසල් රැස් කර තාවකාලික ව පව් යටපත් කරගන්නා බුද්ධිමත් බෞද්ධයා සද්ධර්මය නැමැති කල්‍යාණ මිත්‍රයා ගේ ඇසුර ලබමින් ආර්යෂ්ඨාංගික මාර්ගය අවබෝධ කොට නිර්වාණ මාර්ගයට ප්‍රවිශ්ට ව අවසන තම සංසාර ගමන කෙළවර කරගනියි. මෙසේ සසර ගමන කෙළවර වූ තැන උපන් දා සිට නො ව අනන්ත සංසාරයේ සිදු කළ පව් පලදීමේ අවස්ථාව මග හැරී යයි.
මේ තත්ත්වයට පත් වන්න ඇසුරු කිරීමට කල්‍යාන මිත්‍රයෙකු සිටිය දී ඒ කළණ මිතුරා ඇසුරු නොකොට කැලණි විහාරය වඳින්න පමණක් ගියා කියා පව් නැතිකරගත නො හැකි බව සියල්ලෝ ම අවබෝධ කරගත යුතු ය.
- ඩී චානක පීරිස්
0 Comments