එළි යන්න යමක ශුද්ධ භාවය, පවිත්‍රකම ආදී අරුත් ගෙන දෙන පදයකි. සරල ව හැම තැන ම ආලෝකය කියන එක එළි යන්නෙන් අරුත් ගැන්වෙනවා.
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රයන් සංවර කරගත්(පවිත්‍ර කර ගත් )අතීතයේ විසූ බ්‍රහ්මණයින් භාවනානුයෝගී ව සිට යෝගීන් වුනා; ධ්‍යානලාභීන් වුණා. ඒ සමග ම ඔවුන්ගේ ගතිගුණයට එනම්, පංචේන්ද්‍රියේ ශුද්ධ භාවයට අනුව ගති හඬක් ඔවුන් තුළින් උත්පාදනය වුණා. මේ ගති හඬ එදා බ්‍රහ්ම කල්පික ජීවීන් භාවිත කළ මාගධී භාෂාවට බොහෝ සෙයින් සමාන වූවකි. මේ ආකාරයට පංචේන්ද්‍රයන් ශුද්ධ භාවයට පත් කර ගත්, හෙවත් පහ එළි කරගත් අය තුළින් මතු වූ හඬට අනුකුල වූ භාෂාව පාලි වූවා. එනම් ලෞකික ගුණධර්ම තිබූ අය භාවිත කළ භාෂාව තමයි පාලි කියන්නේ.බුදුන් වහන්සේ පහළ වීමෙන් පසු පංචේන්ද්‍රයට අමතර ව හය වන ඉන්ද්‍රිය වූ මනස ද ශුද්ධ බවට පත්කර ගැනීමට හැකි වුණා. මෙසේ ඉන්ද්‍රිය හය ම ශුද්ධ කර ගත් එසේත් නැත්නම් හෙළි කර ගත් ගති ගුණයට අනුව ගොඩ නැඟුණු ගති හඬ තමයි හෙළි එසේත් නැත්නම් හෙළ කියන්නේ. මේ ආකාරයට බිහි වූ භාෂාව හෙළ භාෂාව වුණා..
හෙළි වුණු එකේ ශ්‍රේෂ්ඨතම භාවය තමයි සීහ හෙළ හෙවත් සිහළ කියන්නේ හෙළි වුණු ශ්‍රේෂ්ඨතමයා හෙවත් සීහ හෙළයා බුදුන් වහන්සේ. ඉන්ද්‍රිය හය ම එළි කර ගත් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හෙවත් සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා ඇමතූ බුදු බස තමයි හෙළ බස කියන්නේ. මේ බස කවුරුන් හෝ උගන්වන හෝ නිර්මණය කර ගත් බසක් නො වේ. උන් වහන්සේලා ගේ පවතින ශුද්ධ භාවයට අනුකූල ව නිරායාසයෙන් ම ගලාගෙන එන භාෂාවක්. මේ හෙළ බස තමයි කාලානුරූප ව වෙනස් වෙලා වර්තමාන සිහළ බස බවට පත් වෙලා තියෙන්නේ.
මේ සංසිද්ධිය ලෝකයේ සිදු වන නියත ධර්මතාවක්. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ කාලයේත් සිද්ධ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයක සිද්ධ වුණා. ඒ වගේ ම කෝනාගම, කකුසඳ බුදුරජාණන් වහන්සේලා ගේ කාලයේ දී සිද්ධ වුණා. මේ ලෝකයේ පහළ වන්නා වූ යම් බුදු කෙනෙක් වේ ද උන්වහන්සේ තමයි හෙළ බස, හෙළ ජාතිය ආරම්භ කරන්නේ. උන්වහන්සේලා පහළ වන්නා වූ බිම හෙළ දීපයයි.
0 Comments