ඩාවින් ගේ පරිණාමවාදය පිළිගත හැකි ද?

 

මිනිසා ගේ බිහි වීම සම්බන්ධ බටහිර මතය පණ ගැන්වෙන්නේ පරිණාමවාදය පදනම් කරගෙන ය.

 පෘථිවි තලය මත සිටින සියළු ම ජීවත්වන්නන් (ගස් වැල් සහ මිනිසා ඇතුළු අනෙකුත් සත්ත්වයින් )  තුළ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන ක්‍රමික පරිවර්ථනයේ ප්‍රතිඵලය වශයෙන් වර්තමාන මිනිසා ඇතුළු අනෙකුත් ජීවීන් බිහි වෙයි යන්න පරිනාමවාදයේ සංක්ෂිප්ත අදහසයි.
 
        මේ ආකාරයට මිනිසාගේ බිහි වීම සම්බන්ධ ව අදහසක් ලෝකයාට ඉදිරිපත් කළේ චාර්ල්ස් ඩාවින් ය. ඔහු ඉදිරිපත් කළ අදහසින් වශීකෘත වූ බටහිර වැසියෝ වත්මන් මිනිසා බිහි වූයේ ආදි වානරයා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ශාරීරික වශයෙන් පරිණාමය වීමෙන් යන ඩාවින් ගේ අදහස ඉස් මුදුනින් පිළිගත් හ. වර්තමානය වන විට ඩාවින් ගේ පරිණාමවාදය පිළිබඳ ව තිබූ උනන්දුව සහ විශ්වාසනීයභාවය ක්‍රමයෙන් ලෝක ජනයා කෙරෙන් ඈත් වෙමින් පවතී.

       ඩාවින් ගේ පරිණාමවාදය සම්බන්ධයෙන් මධ්‍යස්ත ව විශ්ලේෂණය කරන කවරෙකු තුළ හෝඇති වන ගැටලු කීපයක් පහත ආකාරයට ගෙන හැර දැක්විය හැකි ය.

    1. වර්තමාන මිනිසා බිහි වූයේ ආදියේ සිටි වානරයා(වඳුරා)  කාලයක් තිස්සේ පරිණාමයට භාජනය වීමෙන් නම් ඈත අතීතයේ මිනිසුන් සිටියේ නැද්ද? එසේ නම් අතීතයේ සිටි බුදුවරුන් ගෙන් බණ අසා රහත් වූයේ වඳුරන් ද? එහෙමත් නැතිනම් ගැඹුරු බුද්ධ ධර්මය අවබෝධ කරගත්තේ හොමෝ ඉරෙක්ටස් හෝ නියැන්ඩතාල් වැනි මේ පරිණාම කාල රේඛාවේ අතරමැදි අවස්ථාවේ සිටින ජීවීන්ද ? 

    2. වානරයා නොහොත් වඳුරා පරිණාමය වී මිනිසා බිහි වූයේ නම් අද මිනිසාත් සමග වානරයා නොහොත් වඳුරා ද සිටින්නේ කෙසේ ද? 
   
   3. ඒ සිටින්නේ තවමත් පරිණාමය නොවුණු නැතහොත් පරිණාමය සඳහා පා තැබීමට සූදානමින් සිටින්නෙකු යැ යි යමෙකු පවසන්නේ නම් අප ගේ ජීවිත කාලය තුළ දී හෝමෝ ඉරෙක්ටස් හෝ නියැන්ඩතාල් වැනි අතර මැද ජීවියෙකු මුණ ගැසී තිබේ ද?

 මේ සම්බන්ධයෙන් පැවසියයුතු බොහෝ දේ ඇති මුත් ප්‍රථමයෙන් අදහස් දැක්වීම පාඨක ඔබට භාර කරමින් මෙම කාරණය සංවාදයට විවෘත කරමි.

ඔබ ගේ අදහස් මෙහි සඳහන් කරන්න. කරන්න


Post a Comment

0 Comments